ජනමාධ්‍ය යනු කුමක්ද?

ජනමාධ්‍ය යනු කුමක්ද?


        අප ඉදිරියේ සිටින සමූහයක් සමඟ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් අදහස් හුවමාරු කරගන්නට අපට හැකි ය. අප ඉදිරියේ නැති, අප නොදන්නා විශාල ජනකායක් සමඟ අදහස් හුවමාරු කරගැනීම කළ හැක්කේ කෙසේ ද? ඒ සඳහා ද තාක්ෂණය භාවිත කළ යුතු ය. සන්නිවේදකයා ඉදිරියේ නොමැති, එහෙත් විශාල ජනකායක් සමඟ සන්නිවේදනයේ යෙදීම හඳුන්වන්නේ ජන සන්නිවේදනය යනුවෙනි. ජන සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍ය ජන මාධ්‍ය (Mass Media) නමින් හැඳින්වේ.

        ඉතා විශාල පේ‍්‍රක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත ව ඇත ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත්පත් , සගරා හරහා ය එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිට ම පැවැතිණිග ජනමාධ්‍ය යන වදන ද මෙයට සමාන ය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලූ මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. උදාහරණ ලෙසට රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් යන ජනමාධ්‍ය හැදින්විය හැකි ය. 

 

6 Comments

Post a Comment

Previous Post Next Post