සන්නිවේදන විධි/ස්වරූප


සන්නිවේදන විධි

  • වාචික සන්නිවේදනය
  • අවාචික සන්නිවේදනය
  • ලිඛිත සන්නිවේදනය
  • දෘශ්‍ය සන්නිවේදනය
  • ශ්‍රව්‍ය සන්නිවේදනය
  • විධිමත් සන්නිවේදනය
  • අවිධීමත් සන්නිවේදනය
  • කථන සන්නිවේදනය
  • රූපණ සන්නිවේදනය

වාචික සන්නිවේදනය

    භාෂාව පදනම් කොට ගෙන කථනය මගින් සිදුවන සන්නිවේදනය වාචික සන්නිවේදනය යි. මානව සමාජය තුළ සිදුවන සන්නිවේදන කි‍්‍රයාකාරීත්වයෙන් අති විශාල ප‍්‍රමාණයක් වාචික සන්නිවේදන ස්වරූපය මගින් සිදු වේ. වාචික සන්නිවේදනය මානව සන්නිවේදනයේ ස්වරූපයක් පමණක් නොව එය මිනිසාගේ පැවැත්මේ ම මාදිලියකි. මිනිසාගේ වියුක්ත චින්තනය, තාර්කික ඥනය, පරිකල්පනය සහ නිර්මාණශීලීත්වය ආදී මානව ගුණාංග, භාෂාව හා වාචික සන්නිවේදන ස්වරූපය සමඟ අන්‍යෝන්‍ය ව බැඳී පවතී. එම ගුණාංගයන්ගෙන්තො ර ව මනුෂ්‍යත්වය හා සමාජය පිළිබඳ ව කල්පනා කිරීම උගහට ය. පුද්ගල පෞරුෂත්වය වර්ධනය කර ගැනීම සඳහා වාචික සන්නිවේදනය ඉවහල් වන්නේ ය. මානව සමාජයෙහි විවිධ මට්ටමින් සහ විවිධ පරිමාණයෙන් ඇති වන විවිධ ගැටුම්, අර්බුද විසඳා ගැනීමෙහිලා වාචික සන්නිවේදන ස්වරූපය අත්‍යවශ්‍ය වූවකි. වර්තමාන ලෝකයේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා සාකච්ඡා මාර්ග ක‍්‍රමවේදය පොදුවේ පිළිගත් සන්නිවේදන ස්වරූපයකි.


අවාචික සන්නිවේදනය
   
     වචන භාවිතයෙන් තොර ව සිදුවන සන්නිවේදනය අවාචික සන්නිවේදනය ය  වාචික සන්නිවේදන ස්වරූපයේ මාධ්‍ය වන්නේ භාෂාව යි. අවාචික සන්නිවේදන ස්වරූපය සිදුවන්නේ සංඥ හා සංකේත මෙන් ම ඇතැම් විට හඬ ද පදනම් කොටගෙන ය. අත වැනීම, හිස වැනීම, අත්පුඩි ගැසීම, මුහුණේ ඉරියව්, අඟපසඟ චලනය, අභිනයන්, අභිරූපණය ආදී සංඥ භාවිත කොට ගෙන අවාචික සන්නිවේදනයේ යෙදේ. සිරුරේ විවිධ අංග ලක්ෂණවලින් සහ ඒවා මුල්කරගෙන අවාචික සන්නිවේදනය සිදු වේ. මෙය කාය භාෂාව (Body Language)වශයෙන් ද හැඳින්වේ.

ලිඛිත සන්නිවේදනය

    වාචික සන්නිවේදනයේ දී භාෂාව යොදා ගන්නේ උච්චාරණ විලාශයෙනි. එහෙත්ලේඛනයේ දී එය ඇසින් දැකිය හැකි රූපයක් බවට පත්වේ . මෙම රූපය අප හඳුන්වන්නේ අකුරු යනුවෙනි. විවිධ භාෂා ඇති වීමෙන් අකුරු නිර්මාණය කර ගැනීමත්මා නව ඉතිහාසයේ ඇති සුවිශේෂ කි‍්‍රයාවකි. ලේඛනයෙහි අරමුණ යම්අ දහසක් ස්ථිරසාර ව රඳවා තබා ගැනීමකි. වාචික සන්නිවේදනයේ දී එසේ ප‍්‍රකාශනය රඳවා ගැනීමක් සිදු නො වේ. මෙහි දී අවධානය යොමු කළ යුත්තේ, කිසිවකු විසින් යම් භාෂාවකින් යම් ලේඛනයක් සකස් කළ විට, එම අක්ෂර කියවීමට හා එ් භාෂාව දන්නා වෙනත් කෙනෙකුට එම ලේඛනය අවබෝධ කරගත හැකි වීමය. ලේඛන කටයුතුවල දී ලිපි, වාර්තා හා අයදුම් පත් ප‍්‍රධාන වේ.

දෘශ්‍ය සන්නිවේදනය

    මිනිසා ලෝකයට සම්බන්ධ වන සන්නිවේදන ස්වරූප අතර දෘශ්‍ය සන්නිවේදනය ඉතා ප‍්‍රබල සන්නිවේදන ස්වරූපයකි. මානව පරිණාමය දෙස බලන විට මුල් ම සන්නිවේදන ස්වරූපය වශයෙන් ප‍්‍රාථමික මානවයාට සිය හැඟීම්, අත්දැකීම්, ප‍්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලැබුවේ දෘශ්‍ය සන්නිවේදන ස්වරූපයි. නිදර්ශනයක් වශයෙන් ප‍්‍රාථමික මානවයා දඩයමේ ගිය විට මුහුණදුන් දුෂ්කරතා, අභියෝග, අත්දැකීිම් ආදිය සෙසු සාමාජිකයින් හට රඟ දක්වා, එනම් විවිධ අභින, අංග චලන, කි‍්‍රයාකාරකම් මගින් ප‍්‍රදර්ශනය කළේ ය. මෙය දෘශ්‍යත්වය පාදක කොටගෙන සිදු කෙරෙන සන්නිවේදනයකි. එසේ ම ප‍්‍රාග් භාෂිත මානවයින්ගේ චිත‍්‍රවලින් ද මෙය පැහැදිලි ය. ගින්දර සහ දුම් ආදිත ම දෘශ්‍ය සන්නිවේදන ක‍්‍රමයක් වශයෙන් පුරාණ මිනිසා භාවිත කළ බව ප‍්‍රකට කරුණකි. 
ශ‍්‍රව්‍ය සන්නිවේදනය

    ශ‍්‍රව්‍ය සන්නිවේදනය යනු හඬ, ශබ්දය හා ධ්වනිය පාදක කොටගෙන සිදුවන සන්නිවේදනයකි. හඬ මිනිසාගේ භෞතික ස්වභාවයේ කොටසකි. ගුවන් විදුලි මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන විවිධ සන්නිවේදන නිර්මාණ, ගීත, සාකච්ඡා, නාට්‍ය, නිවේදන, ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන ආදියට අවධානයෙන් යුතු ව සවන් දීම තුළින් ශ‍්‍රව්‍ය සන්නිවේදනයේ ස්වභාවය වටහා ගත යුතු ය. උදාහරණයක් වශයෙන් හූණකු හඬන ශබ්දය, උලමකු කෑ ගසන ශබ්දය, පන්සලේ හෝ කෝවිලේ හෝ පල්ලියේ සීනුව නාදවන ආකාරය ආදී වශයෙන් විවිධ ශබ්දවලින් විවිධ අර්ථ මතුවන බව පෙනේ. මේවා සමහර විට මිනිසුන්ගේ පොදු පිළිගැනීම්ය. ඒවා සත්‍යය නොවන්නට පුළුවන. හූ හඬ ද ශ‍්‍රව්‍ය සන්නිවේදනයේ අංගයකි. හූ හඬින්කොපමණ අදහස් ජනිත වන්නේ ද? මහ රැයක ගමේ නිවසකින් හූ හඬක් නැගුණු විට ගමේ අනෙක් අය එය තේරුම් ගන්නේ කෙසේ ද? මේ ආකාරයේ විවිධ භාවිතයන් හඬ හා සම්බන්ධ ව ජනසමාජයේ පවතී.


විධිමත් සන්නිවේදනය

යම් සංවිධානයක් තුළ නිශ්චිත පිළිවෙළකට ක‍්‍රියාත්මක වන සන්නිවේදනය මේ නමින් හැඳින්වේ. මෙහිදී ඉහළ සිට පහළට සහ පහළ සිට ඉහළට සන්නිවේදනයන් සිදු වේ.

කාලීන සාකච්ඡා පැවැත්වීම
විශේෂ කණ්ඩායම්
වාර්ෂික රැස්වීම
සේවක කමිටු

අවිධිමත් සන්නිවේදනය
    
     සංවිධානයක පවත්නා විධිමත් සන්නිවේදන ප‍්‍රවාහයට බැහැර ව කි‍්‍රයාත්මක වන සියලූ සන්නිවේදනයන්, අවිධිමත් සන්නිවේදනයට අයත් වේ. එසේ ම යම් සංවිධානයක විධිමත් සන්නිවේදනය යම් ප‍්‍රමාණයකින් හෝ දුර්වල වුවහොත් එම දුර්වලතාව අවිධිමත් සන්නිවේදනයේ ග‍්‍රහණයට හසු වේ. 


9 Comments

Post a Comment

Previous Post Next Post