සන්නිවේදන නිර්වචන හඳූනා ගනිමු
සන්නිවේදනය යනු කුමක්දැයි සමාජ විද්‍යාඥයින් , අධ්‍යාපනඥයින් , දේශපාලනඥයින් , විද්‍යාඥයින් හා වෙනත් විද්වතුන් විමසන්නට පටන් ගත් අතර ඒ පිළිබඳව විවිධ නිර්වචන ද ගොඩනගා ගන්නට ඔවුහු සමත් වූහ. ඒ අනුව සන්නිවේදනය යනු කෙබඳු දෙයක් දැයි තේරුම් ගැනීමට හැකි විය.
- හැරල්ඩ් ඩී ලැස්වේල්
''කවුරුන් විසින්, කුමක්, කුමන මාධ්‍යයකින්, කවරෙකුට, කුමන බලපෑමක් සදහා, කියනු ලබයිද එය සන්නිවේදනයයි''
ලැස්වෙල්ගේ මේ විග්‍රහයේ දී විවිධ අඩුලුහුඩුකම් ඇති බව පසුකාලිනව සන්නිවේදන විද්‍යාඥයෝ පෙන්වා දී ඇත්තා හ. ලැස්වෙල් දේශපාලන කටයුතු අරමුණු කරගෙන මෙකී විග්‍රහය කර ඇති බව පෙනේ. කෙසේ වුවත් සන්නිවේදනයේ මූලික ලක්ෂණ හඳුනාගැනීමට ඔහුගේ විග්‍රහය උපකාරී වන බව කිව හැකි ය.
- ක්ලොඩ් ෂැනන් හා වොරන් වීවර්
''සන්නිවේදනය යනු යම් තැනක නිර්මාණය වූ හෝ යම් කෙනෙක් විසින් තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හා ඒ හා සමාන ලෙස වෙනත් තැනකදි ප්‍රතිනිර්මාණය කිරීම''
ගණිතඥයින් නිසා මොවුන් සන්නිවේදනය පිළීබඳ හෙලන දෘෂ්ටිය ද තාක්ෂණික සවරූපයක් ගන්නා බව දක්නට ලැබේ. නමුත් මොවුන් සන්නිවේදන මූලිකාංග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.
- එඩ්වඩ් සැෆීර්
''සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබදතා ජාලයයි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රව සන්නවේදනයටසම්බන්ධයක් ඇත.''
සමාජ විද්‍යාඥයෙක් වන සැපීර් මෙම නිර්වචනය සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ එකක් නොවේ. සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අතර, සමාජය හා සන්නිවේදනය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාම මෙය සන්නිවේදනය පිළිබඳව කරන ලද නිර්වචනයක් සේ දිස්වේ.
- විල්බර් ශ්‍රාම්
''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මනෝවෘත්තීන් ඇති කරලීම සන්නිවේදනයයි
සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණ ද සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සංදේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලයකදී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.
- චාල්ස් කූලි
''මානව සම්බන්ඳතා රදවා සිටින්නා වූත්, සියලු සංඛේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැදුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය සන්නිවේදනයයි''
- රේමන්ඩ් විලියම්ස්
''සංස්සකෘතිය සන්නිවේදනයයි. සන්නිවේදනය සංස්කෘතිය යි.''
- කෝලියර්ගේ විශ්ව කෝෂය
''පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ කෙනෙකුගෙන් කෙනෙකුට ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලා යාම සන්නිවේදනයයි''
👍👍
ReplyDeletePost a Comment