සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ගීකරණය

  • අන්තර්වර්තී සන්නිවේදනය
  • අන්තර් පුද්ගල සන්නිවේදනය 
  • සමූහ සන්නිවේදනය 
  • ජන සන්නිවේදනය 

අන්තර්වර්තී සන්නිවේදනය
    තමා තමා සමගම සිදු කරනු ලබන සන්නිවේදනය යි. එනම් පුද්ගලයෙකු තුල සිදුවන ආත්ම භාෂණය අන්තර්වර්තී සන්නිවේදනය ලෙස හැඳින්විය හැකි ය.මෙය භාෂණය හා ක‍්‍රියාකාරීත්වයට පෙර පුද්ගල විඥානය තුළ ඇතිවන චින්තන දාමයයි. ස්මරණය හෙවත් මෙනෙහි කිරීම ආදී මනස ආශ‍්‍රිත ක‍්‍රියා ද මෙයට ම අයත් ය. 


අන්තර්වර්තී සන්නිවේදනයේ ලක්ෂණ
  1. පුද්ගලයෙකු තුළ ම සිදුවන ආත්ම භාෂණයකි.
  2. පුද්ගල මතකයට සම්බන්ධ වේ.
  3. තීරණ ගැනීම ප්‍රධාන කාර්යකි.
  4. ස්ව සංකල්පය මීට අයත් වේ.


අන්තර් පුද්ගල සන්නිවේදනය
    පුද්ගලයන් දෙදෙනෙකු  සිදු කරනු ලබන සන්නිවේදනය යි.  එහි දී ප්‍රතිපෝෂණය පිළිබඳව කතාබහට ලක්වේ. ඔබ ඔබගේ පන්ති කාමරයේ දී ගුරුතුමා සමග හෝ ගුරුතුමිය සමඟ කතා කිරීම, යහළුවෙකු හෝ යෙහෙළියක සමඟ කතා කිරීම අන්තර්පුද්ගල සන්නිවේදනය වේ. සන්නිවේදනයේ දී එකිනෙකා හඳුනා ගැනීමටත්, හඳුනා ගෙන කතා කිරීමටත් හැකියාවක් තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමේ කතා කිරීමේ හැකියාව යි.

අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ
  1. මෙය පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් ද භාවිතා වේ.
  2. පුද්ගලයන් දෙදෙනෙකු අතර කෙරෙන සන්නිවේනය මෙයින් අදහස් වේ.
  3. සාමාන්‍යයෙන් මෙය මුහුණට මුහුණ ලා කෙරෙන සන්නිවේදනයකි.
  4. නව තාක්ෂණය භාවිතයෙන් මෙහි ස්රූපය වෙනස් වී ඇත.
  5. දුරකථනය හෝ අන්තර්ජාලය හෝ කෙටි පණිවුඩ හෝ මගින් ද මෙය සිදු වේ.
  6. නව තාක්ෂණය නිසා දුර සිටින දෙදෙනෙකුට මුහුණ බලා ගෙන කතා කළ හැකි ය.
  7. අන්තර් පුද්ගල සන්නිවේදනය ද්වි මාර්ගික සන්නිවේදනයකි.
  8. සෑම කෙනෙකුටම දෛනික ජීවිතයේ දී නිතරම අන්තර් පුද්ගල සන්නිවේදනයේ යෙදෙන්නට සිදු වේ.
  9. අන්තර් පුද්ගල සන්නිවේදනයේ දී සන්නිවේදකයා හා ග්‍රාහකයා යන භූමිකාව මාරු වේ.
  10. සමහර විට අන්තර් පුද්ගල සන්නිවේදනය ඒක මාර්ගිකය.

සමූහ සන්නිවේදනය
    පුද්ගලයන් කිහිපදෙනෙකු සමග සිදු කරනු ලබන සන්නිවේදනය යි. කිසියම් පිරිසක් අතර සිදුවන සන්නිවේදනය සමුහ සන්නිවේදනය යි. කුඩා කණ්ඩායම්ලෙ ස ද, විශාල කණ්ඩායම් ලෙස ද සමූහ සන්නිවේදනය බෙදිය හැකි ය. කුඩා කණ්ඩායමක් යනු ඇතැම් විට විස්සකට නො වැඩි පිරිසක් ලෙස අර්ථකථනය කරති. විශාල කණ්ඩායමක් යනු විස්සකට වඩා වැඩි පිරිසකි. 

සමූහ සන්නිවේදනයේ ලක්ෂණ
  1. දෙදෙනෙකු ඉක්මවා ගිය විට සමූහයක් ඇතිවේ.
  2. සමූහය කුඩාථ විශාල හෝ අති විශාල විය හැකි ය.
  3. සමූහ සන්නිවේදනයේ දී ඒක මාර්ගික හෝ ද්වි මාර්ගික සන්නිවේදනයක් සිදු වේ.
  4. අසා සිටීම හා සවන් දීම යන සංකල්පය සමූහ සන්නිවේදනයේ දී දැඩිව ක්‍රියාත්මක වේ.
  5. සමූහ යන්නට කල්ලි අයත් වේ.

සමූහ සන්නිවේදනයේ කණ්ඩායම් වර්ග 5ක් ඇත.

  1. අහඹු කණ්ඩායම් 
  2. විශෝධන කණ්ඩායම්
  3. ඉගෙනුම් කණ්ඩායම්
  4. ප්‍රතිපත්ති සැකසුම් කණ්ඩායම්
  5. ක්‍රියාකාරී කණ්ඩායම්

ජන සන්නිවේදනය
    සන්නිවේදකයා ඉදිරියේ නොමැති, එහෙත් විශාල ජනකායක් සමඟ සන්නිවේදනයේ යෙදීම හඳුන්වන්නේ ජන සන්නිවේදනය යනුවෙනි. ජන සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍ය ජන මාධ්‍ය (Mass Media) නමින් හැඳින්වේ.

ජන සන්නිවේදනයේ ලක්ෂණ
  1. විශාල ජනස්කන්ධයක් සමග කෙරෙන සන්නිවේදන කාර්යය ජන සන්නිවේදනය වේ.
  2. ජන සන්නිවේදනය සදහා භාවිත වන පුවත්පත් සහ සගරා, ගුවන් විදුලිය හා රූපවාහිනිය අයත් වේ.
  3. ජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස කවුරුන්දැයි නිශ්චිතවම සන්නිවේදකයන් නොදනී.
  4. ජන සන්නිවේදනය සෑම විටම ආයතනගත හා සංවිධානාත්මකව සිදු වේ.
  5. එක් එක් ජන මාධ්‍යයන්හි සුවිශේෂ ලක්ෂණ තිබේ.
  6. පුවත්පත් පරිහරණයට භාෂා සාක්ෂරතාව අවශ්‍යය වේ.


3 Comments

Post a Comment

Previous Post Next Post