සන්නිවේදනය ගැන...



සන්නිවේදනය ගැන
    
    අද මුළු විශ්වය ම එක ම ගම්මානයක් බවට පත් කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යන්ට ලැබී තිබේ.  එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකි ය. සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානව සමාජයේ අන්තර් සබඳතාව ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකි ය. එසේ ම මනුෂ්‍ය සමාජයේ මඋලික ‍පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේ ම අවශ්‍යතාවයකි.  
    
    සන්නිවේදනය ගැන විවරණය කරන විට එය ක‍්‍රියාවලියක් (Mass Media) ලෙස  සන්නිවේදන විද්‍යාඥයින් විසින් නිතර ම හඳුන්වා දී තිබේ. ක‍්‍රියාවලිය යන්න අඛණ්ඩ ව සිදු වන දෙයක් බැවින් පරිසරයට බලපෑම් ඇති කිරීමටත්, පරිසරය වෙනස් කිරීමටත් එයට ශක්තිය ලැබේ. මෙම ක‍්‍රියාවලිය නිරන්තරයෙන් ම පැවතීමට නම් සන්නිවේදනයෙහි අරමුණක් පැවතිය යුතු ය. අප සන්නිවේදනය කරන්නේ ඇයි? අප එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපේ අරමුණ කවරේද? ග‍්‍රාහකයා ලවා සිතවිය යුත්තේ කුමක්ද? යනාදී වශයෙන් ප‍්‍රශ්න කිරීමට හැකියාවක් ඇත. 

    යම් කිසිවකුගෙන් ඔබ සන්නිවේදනය කරන්නේ මක්නිසාදැයි ඇසූ විට මෙසේ පිළිතුරු දිය හැකි ය. තොරතුරු දැක්වීමට, ඉගැන්වීමට, සිද්ධි වාර්තා කිරීමට, විනෝදයක් ලබා දීමට යනාදී වශයෙනි. එහෙත් මූලික වශයෙන් සන්නිවේදනය කරන්නේ කුමකට ද? කියා එයිනුදු පැහැදිලි නැත. ඇයි තොරතුරු දැක්වූයේ? ඇයි ඉගැන්වූයේ? ඇයි විනෝදය ලබා දුන්නේ? යන කාරණාවලට පිළිතුරක් නොමැති බැවිනි. සැබවින් මෙහි දී සිදු වී ඇත්තේ කිසියම් බලපෑමක් ඇතිවීම යි. බලපෑමෙන් ද කිසියම් ප‍්‍රතිචාරයක් (Response)  බලාපොරොත්තු වේ. එම නිසා සන්නිවේදකයා ග‍්‍රාහකයාට නිතරම බලපෑමක් ඇති කරනු ලැබේ. යම්කිසි සන්නිවේදකයෙක් කරන බලපෑමවල ප‍්‍රතිඵල දක්නට ලැබෙන්නේ ක්ෂණිකව විය හැකි ය.

     අප ඉදිරියේ සිටින සමූහයක් සමඟ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් අදහස් හුවමාරු කරගන්නට අපට හැකි ය. අප ඉදිරියේ නැති, අප නොදන්නා විශාල ජනකායක් සමඟ අදහස් හුවමාරු කරගැනීම කළ හැක්කේ කෙසේ ද? ඒ සඳහා ද තාක්ෂණය භාවිත කළ යුතු ම ය. සන්නිවේදකයා ඉදිරියේ නොමැති, එහෙත් විශාල ජනකායක් සමඟ සන්නිවේදනයේ යෙදීම හඳුන්වන්නේ ජන සන්නිවේදනය යනුවෙනි. ජන සන්නිවේදනය සඳහා යොදා ගන්නා මාධ්‍ය ජන මාධ්‍ය (Mass Media) නමින් හැඳින්වේ. එනමි පුවත්පත ගුවන්විදුලිය රූපවාහිනිය යන්න යි.

සන්නිවේදනය ගැන තව දුරටත්

3 Comments

  1. Antharjalayath ekthara janamadyak widiyata ganna berida?

    ReplyDelete
    Replies
    1. පුළුවන්... 1950 දී අන්තර්ජාලය සොයා ගැනීමත් සමඟ පරිගණක ආශ්‍රයෙන් සිදු වූ තොරතුරු හුවමාරු ක්‍රමවේදය තවත් පුළුල් වුනා.

      Delete

Post a Comment

Previous Post Next Post